Press "Enter" to skip to content

දකුණු කොරියානු ජනපතිගේ රඳවා තබා ගැනීමේ වරෙන්තුව දීර්ඝ කරයි

දෝෂාභියෝගයකින් පරාජයට පත්වී බලතල අහිමිවූ දකුණු කොරියාවේ ජනාධිපති යූන් සුක් යෝල් ප්‍රශ්න කිරීම සඳහා රඳවා තබා ගැනීමේ වරෙන්තුව දීර්ඝ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පසුගියදා එරට අධිකරණයකින් නිකුත් කරනු ලැබූ රඳවා තබාගැනීමේ වරෙන්තුවට අනුව ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවසට ගිය එරට විමර්ශන කණ්ඩායමට ඔහුගේ නීතිඥවරුන්ගෙන් බාධා එල්ල වීමෙන් එය අසාර්ථක වීමෙන් පසු එම වරෙන්තුව යළි දීර්ඝ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබු බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

නඩු විභාගයක් සඳහා පමණක් ඔහුට වරෙන්තු නිකුත් කිරීම හැර ජනාධිපතිවරයා රඳවා තබා ගැනීමේ නියෝගයක් නිකුත් කිරීම වලංගු නොවන බවට ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

කෙසේ වුවද ඒකාබද්ධ විමර්ශන කණ්ඩායමට සහ දූෂණ විමර්ශන කාර්යාලයට සිය දෙවැනි උත්සාහය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සහාය ලබා දෙමින් ජනාධිපතිවරයා රඳවා තබා ගැනීමේ වරෙන්තුව යළි දීර්ඝ කිරීමට සෝල් නුවර අධිකරණය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *