Press "Enter" to skip to content

ගාසා තීරයේ සටන් විරාමය ඉරිදා ඇරඹෙයි

මාස 15කට අධික කාලයකට දිග්ගැස්සුණු ගාසා යුද්ධයට සාමය උදාකිරීම සඳහා ඊශ්‍රායල හමුදාව සහ හමාස් සංවිධානය අතර සටන් විරාමය මේ ඉරිදා (19) ආරම්භ වනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අවතැන් වූ පලස්තීනුවන් මිලියන 2.3කට නැවත සිය නිවාස කරා යෑමේ අවස්ථාව උදා කරමින් මේ සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමට ආසන්නව තිබියදිත් ඊශ්‍රායල හමුදා ප්‍රහාර එල්ල වූ බවත්, ගත වූ පැය 24 තුළ ගාසා තීරයේ පුද්ගලයන් 45 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බවත් වාර්තා වේ. අදියර තුනකින් යුතුව ක්‍රියාත්මක වීමට නියමිත සටන් විරාම ගිවිසුම සඳහා ඊයේ පස්වරුවේ ඊශ්‍රායල යුද කැබිනෙට්ටුව අනුමැතිය ලබාදීමට නියමිතව තිබූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. කෙසේ වුවද හමාස් සංවිධානයෙන් තර්ජනයක් එල්ල වන ඕනෑම මොහොතක යළි ප්‍රහාර එල්ල කිරීමට නොපැකිළෙන බව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *