Press "Enter" to skip to content

ඇමරිකාව WHO වෙතින් ඉවත් කිරිමේ නියෝගයට ට්‍රම්ප් අත්සන් තබයි

ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කොවිඩ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර අර්බුද වැරදි ලෙස හසුරවා ඇති බව ජනාධිපතිවරයා එම නියෝගය මඟින් පෙන්වා දී ඇති බවයි.

ඒ අනුව එක්සත් ජනපදය මාස 12කින් එක්සත් ජාතීන්ගේ සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත්වීමට නියමිතය.

එමෙන්ම එහි කටයුතු සඳහා වන ඇමරිකාවේ සියලුම මූල්‍ය දායකත්වයන්ද නවතා දැමීමට නියමිතයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශාලතම මූල්‍ය ආධාරකරුවා වන එක්සත් ජනපදය එහි සමස්ත අරමුදල්වලින් 18%ක් දරන බව වාර්තා වෙයි.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *