Press "Enter" to skip to content

යුක්රේනය ගැන අමෙරිකාව සමග සාකච්ඡා කිරීමට රුසියා ජනපති සැරසෙයි

යුක්රේන ගැටුම සම්බන්ධයෙන් අමෙරිකාවේ නව රජය සමග සාකච්ඡා කිරීමට රුසියාව කැමැත්තෙන් සිටින බව රුසියාවේ ජනාධිපති Vladimir Putin මහතා පවසයි.

ඔහු ඊයේ(20) පැවති ෆෙඩරල් ආරක්ෂක කවුන්සිලයේ ස්ථාවර සාමාජිකයින්ගේ වීඩියෝ ආකාරයෙන් පැවති සම්මන්ත්‍රණයකදී මේ බව ප්‍රකාශ කළේ ය.

යුක්රේන ගැටුමට මැදිහත්වීමේ දී වැදගත්ම කාර්යය වන්නේ අර්බුදයේ මූල හේතු ඉවත් කිරීම බව Putin මහතා පැවසීය. මෙහි අරමුණ විය යුත්තේ කලාපයේ සියලුම පාර්ශ්වයන්ගේ නීත්‍යානුකූල අවශ්‍යතාවලට ගරු කිරීම මත පදනම වන දිගුකාලීන සාමයක් අත්කර ගැනීම මිස, කෙටිකාලීන සාම ගිවිසුමකට එළඹීම හෝ සන්නද්ධ හමුදා නැවත ස්ථානගත කිරීමට අවස්ථාවක් ලබා ගැනීම නොවන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

එමෙන්ම, ඇමරිකාවේ බලධාරීන් සමග සාකච්ඡා කිරීම රුසියාව කිසිවිටෙකත් ප්‍රතික්ෂේප කර නොමැති බව ද Putin මහතා පැවසීය. නමුත් ද්විපාර්ශ්වික සහයෝගීතාවය සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් විය යුතු අතර උපායමාර්ගික ස්ථාවරත්වය සහ ආරක්ෂාව ශක්තිමත් කිරීම ඇතුළුව ගෝලීය කටයුතුවලදී රුසියාවේ කාර්යභාරය සැලකිල්ලට ගත යුතු බව ද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.

More from විදෙස් පුවත්More posts in විදෙස් පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *