Press "Enter" to skip to content

ඔස්ට්‍රේලියාවෙන් ප්‍රථම වරට කෘත්‍රිම කැන්ගරු කලලයක්

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන් පිරිසක් විසින් ලොව ප්‍රථම වරට නළ දරු තාක්ෂණය (අයි වී එෆ්) යටතේ කැන්ගරුවකුගේ කලලයක් නිපදවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. කැන්ගරුවන් වඳ වී යෑම වැළැක්වීමේ පියවරක් වශයෙන් මෙම කලලය නිපදවූ බව ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත සරසවියේ විද්‍යාඥයෝ පවසා තිබේ. නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ අළු කැන්ගරුවන්ගේ නිදර්ශක යොදාගෙන මෙම කලලය නිපදවා ඇති අතර එය කැන්ගරුවකුගේ උපතක් දක්වා වර්ධනය කර ගැනීම සඳහා වැඩිදුර පරීක්ෂණ සිදු කළ යුතු බව එම විද්‍යාඥයෝ අවධාරණය කර සිටිති.

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *