ඉකුත් සති අන්තයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර ගිය දරුණු කුණාටුවක් හේතුවෙන් දකුණු දිග හා නැඟෙනහිර ඇමෙරිකා එක්සත් ජනපදයේ පුද්ගලයන් 10 දෙනකු පමණ මියගොස් ඇති බව ඇමෙරිකානු මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. කුණාටුව හේතුවෙන් මියගොස් ඇති පිරිසෙන් නවදෙනකු කුණාටුවේ බලපෑමෙන් මහා මාර්ග හා නිවාස ජලයෙන් යටව ඇති කෙන්ටකී ප්‍රාන්තයේ වැසියන් බව වාර්තා වේ.
ඇමෙරිකා එක්සත් ජනපදයට ඉකුත් සෙනසුරාදා කඩාවැදී ඇති මෙම දරුණු ශීත ඍතු කුණාටුව හේතුවෙන් හටගත් දරුණු ජල ගැලීම්වලට කොටුව සිටි 1000කට අධික පිරිස සහන කණ්ඩායම් විසින් පැය 24ක කාලයක් තුළ දී බේරාගෙන ඇති අතර ජල ගැලීම් හේතුවෙන් මාර්ග 300කට අධික සංඛ්‍යාවක් වසා දමා ඇතැයි බලධාරීහු පවසති. අදාළ කුණාටුව හේතුවෙන් කෙන්ටකි ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබේ.
Be First to Comment