අඟහරු ග්‍රහයා මත පවතින විෂ සහිත දූවිලි ඉදිරියේදී මෙහෙයුම් සඳහා එම ග්‍රහලෝකය වෙත යන ගගනගාමීන්ට අතිශයින් අනතුරුදායක වනු ඇති බව අඟහරු ග්‍රහයා සම්බන්ධයෙන් සිදු කළ නවතම පර්යේෂණයකින් අනාවරණය කරගෙන තිබේ. අඟහරු ග්‍රහයාගේ මතුපිට ආවරණය කරන සියුම් සුළඟින් හමන දූවිලිවල අන්තර්ගත සිලිකා, ජිප්සම්, පර්ච්ලොරෙට්ස් හා නැනෝපෙස් අයන් ඔක්සයිඩ යන ද්‍රව්‍ය ගගනගාමීන්ගේ ජීවිතවලටද අනතුරුදායක විය හැකි බවත් එම ද්‍රව්‍ය ඉතාමත් සියුම් වීම නිසා ඒවායෙන් ගගනගාමීන්ගේ පෙනහළුවලට දැඩි බලපෑම් එල්ල විය හැකි බව ‘ජීයෝ හෙල්ත්’ සඟරාවේ පළ කර තිබෙන අදාළ පර්යේෂණ වාර්තාවේ සඳහන් කර තිබේ.
ගගනගාමීන්ට අහිතකර අඟහරු ග්‍රහයාගේ දූවිලිවල අන්තර්ගත ද්‍රව්‍යයන්ගෙන් කොටසක් පෙනහළුවලටත් ඉතිරි කොටස රුධිරයටත් අවශෝෂණය කරගන්නා බව ඉහත කී පර්යේෂණ වර්තාවේ දැක්වේ. මේ හේතුවෙන් ඉදිරියේදී අඟහරු ග්‍රහයා වෙත මෙහෙයුම් සඳහා ගගනගාමීන් යැවීමේදී ඔවුන්ව අඟහරු ග්‍රහයා මත පවතින මිනිස් සිරුරට අහිතකර ද්‍රව්‍යයන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගත යුතු බව අදාළ පර්යේෂණයේ සම කර්තෘ ජස්ටින් වැන්ග් පවසයි.
සංස්කරණය – ඒ
Be First to Comment