Press "Enter" to skip to content

ගාසා තීරයට ඊශ්‍රායලයෙන් යළි ගුවන් ප්‍රහාර

ගතවූ අවසන් පැය 24 ඇතුළත ඊශ්‍රායල හමුදාවෙන් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීනුවන් 35 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළේය. ගාසා තීරයේ පිහිටි නුසෙයිරාට් සරණාගත කඳවුරේ ගොඩනැඟිල්ලක් ඉලක්ක කරමින් එල්ල වූ ගුවන් ප්‍රහාරය ඉතා දරුණු වූ බවත්, එහි කම්පනය ගාසා තීරයේ සියලු පළාත්වලට දැනුණු බවත් අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේය.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් සහනාධාර ට්‍රක් රථ තුන්දහසකට අධික ප්‍රමාණයක් ගාසා තීරයේ දේශසීමාවේ සිර වී ඇතැයි එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සිය ප්‍රකාශ කර ඇති බවත්, ඊශ්‍රායල හමුදාව මාස දෙකකට වැඩි කාලයක් පුරා සහනාධාර සැපයීම අවහිර කරමින් සිටින බවත් අල් ජසීරා පුවත් සේවය සඳහන් කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *