Press "Enter" to skip to content

අමෙරිකාව සහ යුක්රේනය ඛනිජ සම්පත් ගිවිසුමට අත්සන් තබයි

යුක්රේනයේ ඛනිජ ලවණ හා දුර්ලභ ස්වභාවික සම්පත් ඇතුළුව එරට ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා අරමුදල් සැපයීම සඳහා අමෙරිකාව සහ යුක්රේනය අතර ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමක් අත්සන් කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය ජනවාරියේදී ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකානු ජනාධීපතිවරයා ලෙස පත්වීමෙන් පසු යුක්රේනයේ ස්වභාවික සම්පත් ගනුදෙනුව සඳහා ගිවිසුම්ගත වීමට සාකච්ඡා ආරම්භ කළ අතර, එහි අවසන් සාකච්ඡාවෙන් පසු එම ගිවිසුමට අත්සන් තැබීම සිදුවූ බව වාර්තා වේ.

අමෙරිකානු -යුක්රේන ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමට අත්සන් කිරිම අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසෙන්ට් සහ යුක්රේන ආර්ථික කටයුතු ඇමැතිනිය යූලියා ස්වයිඩෙන්කෝ අතර වොෂින්ටන් නුවරදී සිදු වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *