Press "Enter" to skip to content

ඊශ්‍රායලයට ඇතුළුවීමට හා පිටවීමට හැකි ආකාරය ගැන දැනුම්දීමක්

ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍ය Gideon Sa’ar ප්‍රකාශ කර ඇත.

ඊශ්‍රායලයේ වෙසෙන තානාපතිවරුන් හා පැවති සාකච්ඡාවේදී ටෙල්අවිව් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත කරන්නේ කවදා ද ? යන්න විමසූ අවස්ථාවේදී මේ බව පවසා තිබේ.

කෙසේ වෙතත් සිය ගුවන්තොටුපොළ විවෘත කරන දිනය පිළිබඳව නිශ්චිත ප්‍රකාශයක් කළ නොහැකි බවත්, හදිසි අවස්ථා ඇති පිරිසට ජෝර්දානයේ අම්මාන් ගුවන්තොටුපොළ හා ඊජිප්තුවේ කයිරෝ ගුවන් තොටුපල හරහා ගොඩබිම මාර්ගයෙන් ඊශ්‍රායලයට පැමිණීමට හා පිටවීමට හැකි බව වැඩිදුරටත් පවසා ඇත.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලයට පැමිණීමට හෝ ඊශ්‍රායලයේ සිට ශ්‍රී ලංකාව බලා පිටවීමට අපේක්ෂා කරන පිරිසට එලාට් නගරය හරහා ඇති දේශසීමාවලින් කෙටිකාලින වීසා ලබාගෙන අදාළ රටවලට ඇතුළුවීමටත්, ශ්‍රී ලංකාවේ සිට අදාළ රටවල්වල කෙටිකාලින වීසා ලබාගෙන ඒ හරහා ඊශ්‍රායලයට පැමිණීමට හැකියාව තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *