Press "Enter" to skip to content

රුසියාවට එරෙහිව ට්‍රම්ප්ගෙන් සැර තීරණයක්

රුසියානු ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමට සහාය වීමක් ලෙස යුක්‍රේනයට පේට්‍රියම් ගුවන් ආරක්ෂක මිසයිල යවන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් “උදෑසනට හොඳින් කතා කළත් හවසට බෝම්බ හෙළනවා” යනුවෙන් සඳහන් කරන ට්‍රම්ප්, මේ නිසාවෙන් පේට්‍රියට් ගුවන් ආරක්ෂක මිසයිල යුක්‍රේනයට ලබාදීම අත්‍යාවශ්‍ය බව ද සඳහන් කරයි.

මිසයිල කොපමණ ප්‍රමාණයක් යුක්‍රේනයට ලබාදෙන්නේ ද යන්න අමෙරිකාව මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර, නේටෝව විසින් ඒ සඳහා වූ අරමුදල් සපයනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *