Press "Enter" to skip to content

බයිඩ්න්ගේ පුත්‍රයාගෙන් මෙලනියා ඩොලර් බිලියනයක වන්දි ඉල්ලයි

ඩොනල්ඩ් ට්‍රම්ප්ට තමා හඳුන්වා දෙනු ලැබුවේ අමෙරිකාවේ හිටපු කුප්‍රකට ව්‍යාපාරිකයකු හා ලිංගික ජාවාරම්කරුවකු වූ ජෙෆ්රි එප්ස්ටීන් විසින් බවට හන්ටර් බයිඩ්න් කළ ප්‍රකාශයට එරෙහිව ඩොලර් බිලියනයක වන්දි ඉල්ලා නඩු පවරන බවට ජනාධිපති ආර්යාව මෙලනියා ට්‍රම්ප් තර්ජනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හිටපු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ පුත්‍රයා වන හන්ටර් බයිඩ්න් මේ මස මුල් භාගයේදී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සිදු කළ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත්, එමඟින් සිය කීර්තිනාමයට අපහාසයක් සිදුවූ බවට චෝදනා කරමින් මෙලනියා ඔහුට එරෙහිව නඩු පැවරීමට තීරණය කර ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

එම ප්‍රකාශය ඉල්ලා අස්කර ගනිමින් ජනාධිපති ආර්යාවගෙන් සමාව නොගන්නේ නම් ඩොලර් බිලියනයක වන්දි ඉල්ලා නඩු පවරන බවට ඇගේ නීතිඥ කණ්ඩායම හන්ටර් බයිඩ්න්ට ලිපියක් මඟින් දැනුම් දී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *