Press "Enter" to skip to content

මෙල­නියා ට්‍රම්ප්ගෙන් පුටින්ට ලිපි­යක්

යුක්රේන යුද්ධ­යට මැදිවී සිටින දරු­වන්ගේ ජීවිත සුර­ක්ෂිත කිරී­මට පිය­වර ගන්නා ලෙස ඉල්ලා අමෙ­රි­කානු ජනා­ධි­පති ආර්යාව මෙල­නියා ට්‍රම්ප් රුසි­යානු ජනා­ධි­ප­ති­ව­ර­යාට ලිපි­යක් යොමු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඇල­ස්කාවේ සාම සාක­ච්ඡාව අත­ර­තු­රදී එම ලිපිය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ව්ලැදි­මිර් පුටින්ට භාර දී ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩි­දු­ර­ටත් වාර්තා කරයි.

යුක්රේ­නයේ නම සඳ­හන් කිරී­ම­කින් තොරව ජනා­ධි­පති ආර්යාව සිය ලිපිය මඟින් පුටින්ට දැනුම් දී ඇත්තේ සෑම දරු­ව­කුම සිය ආර­ක්ෂාව පිළි­බඳ සිහින දකින බවය. ඕනෑම ජාති­යක උපත ලැබු­වද, සෑම දරු­ව­කුම ආද­රය හා කරු­ණාව බලා­පො­රොත්තු වන බවත්, ගැටු­ම්ව­ලදී ජීවිත රැක ගැනී­මට සිහින දකින බවත් සඳ­හන් කර­මින් මෙල­නියා ට්‍රම්ප් වැඩි­දු­ර­ටත් පෙන්වා දී ඇත්තේ මතු පර­ම්ප­රාවේ අපේ­ක්ෂා­වන් පෝෂ­ණය කිරීම සියලු මාපි­යන්ගේ වග­කීම බවය. පුටින් මහතා ලෙස ආම­න්ත්‍ර­ණය කර ඇති එම ලිපිය මඟින් ඇය රුසි­යානු ජනා­ධි­ප­ති­ව­ර­යාට ප්‍රකාශ කර ඇත්තේ දරු­වන්ගේ අහිං­ස­ක­ත්වය ආරක්ෂා කිරී­මෙන් රුසි­යා­වට පම­ණක් නොව මුළු ලොව­ටම සේවය කළ හැකි බවය.

 

More from විදෙස් පුවත්More posts in විදෙස් පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *