චීන ජනාධිපති ෂී ජින් පින් රුසියානු සහ උතුරු කොරියානු රාජ්‍ය නායකයන් සමඟ අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණය කරන බවට ටෘත් සමාජ මාධ්‍යජාලයේ සටහනක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ පැවැති චීන යුද විජයග්රහණ සැමරුමට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් සහ උතුරු කොරියානු ජනාධිපති කිම් ජොං උන් ඇතුළු රාජ්‍ය නායකයන් රැසක් සහභාගි වූ අතර, එම යුද සැමරුම සම්බන්ධව ටෘත් සමාජ මාධ්‍යජාලයේ අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ දෙවැනි ලෝක මහා යුද්ධයේදී සතුරු රාජ්‍යයකින් චීනය මුදාගැනීම සඳහා අමෙරිකානුවන් විශාල පිරිසක් ද සිය ජීවිත පරිත්‍යාග කර ඇති බවය.
ජීවිත කැපකළ එම විරුවන්ගේ නිර්භීතභාවයට සහ ජීවිත පරිත්‍යාගයට ගෞරව කළ යුතුව ඇතැයි ද ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ. මේ යුද සැමරුමේදී චීනයේ නිදහස වෙනුවෙන් දිවි පිදූ අමෙරිකානුවන් පිළිබඳ ජනාධිපතිවරයා සඳහන් කරන්නේදැයි යන්න ගැටලුසහගත බවත් ට්‍රම්ප් සඳහන් කර ඇතැයි වාර්තා වේ. ‘ඔබ සමඟ එක්ව අමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණය කරන වැලැදිමිර් පුටින්ට සහ කිම් ජොං උන්ට මගේ සුබපැතුම් පිළිගන්වන්න‘ යැයි ඩොනල්ඩ් ට්‍රම්ප් ටෘත් සමාජ මාධ්‍යජාලයේ සටහන මඟින් චීන ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇතැයි ද වාර්තා වේ.
Be First to Comment