Press "Enter" to skip to content

නේපාල පාර්ලිමේන්තුවට ගිනි තබයි

රොයිටර්ස් පුවත් සේවය ඔහුගේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු උපුටා දක්වමින් මේ බව වාර්තා කළේ.

NDTV පුවත් සේවය සඳහන් ක‍ළේ, අග්‍රාමාත්‍යවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය, ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බවයි.

සමාජ මාධ්‍ය තහනමට එරෙහිව නේපාලයේ තරුණයින් ආරම්භ කළ විරෝධතා උත්සන්න වීම අගමැතිවරයාගේ ඉල්ලා අස්වීමට හේතු වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අද විරෝධතාකරුවන් අග්‍රාමාත්‍ය කේ.පී. ශර්මා ඔලීගේ නිවසට ගිනි තබා ඇති බවයි.

නේපාල ජනාධිපති රාම් චන්ද්‍ර පෝඩල්ගේ සහ, හිටපු අගමැති පුෂ්ප කමල් දහාල් ඇතුළු අමාත්‍යවරුන් පිරිසකගේ නිවෙස්වලට ද හානි වී ඇති බව, විදෙස් වාර්තාවල දැක්වේ.

තවත් විරෝධතාකරුවන් පිරිසක් එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වැටලු අතර, ඔවුන් මේ වන විට, එම පරිශ්‍රයට ද ගිනි තබා තිබේ.

විරෝධතා උත්සන්න වී ඇත්තේ, රජය විසින් පනවා තිබූ සමාජ මාධ්‍ය ජාලා තහනම, අද පෙරවරුවේ ඉවත් කර ඇති පසුබිමකදීය.

නමුත් රටේ පාලකයින් මහජන මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් සහ, දේශපාලකයින්ගේ දූෂණ සහ වංචාවලට විරෝධය පළ කරමින් නේපාල වැසියන් තවදුරටත් විරෝධතාවයේ නිරත වේ

විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුම්වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 19ක්.

නේපාල රජය බලාපොරොත්තු වූ පරිදි, සමාජ මාධ්‍ය ජාලා නේපාලයේ ලියාපදිංචි නොවීම හේතුවෙන්, රජය හදිසියේම Facebook සහ Instagram ඇතුළු සමාජ මාධ්‍ය ජාලා අවහිර කිරීම මෙම විරෝධතා ආරම්භ වීමට හේතු විය.

ජෙන් සී (GEN Z) හෙවත් 1990 දශකය අග භාගයේ උපත ලැබූ පිරිස් මෙම විරෝධතාවයට නායකත්වය ලබාදීම විශේෂත්වයකි.

More from විදෙස් පුවත්More posts in විදෙස් පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *