Press "Enter" to skip to content

යුදෙව්වන් සොයා රුසියාවේ කලබල – ගුවන්තොටුපොළක් වසා දමයි

රුසියාවේ ඩැජෙස්තාන් හි පිහිටි ගුවන්තොටුපොළකට කඩා වැදුණු පිරිසක් ඊශ්‍රායලයෙන් පැමිණි පිරිස් සොයා එහි කලබල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඊශ්‍රායලය රුසියානු බලධාරීන්ට දන්වා ඇත්තේ යුදෙව් ජාතිකයින් ඇතුළු සිය පුරවැසියන් ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසයි.

ටෙල් අවීව් හි සිට ඩැජෙස්තාන් වෙත පැමිණි ගුවන් යානයක් සම්බන්ධයෙන් ආරංචි පැතිර යාමත් සමඟ ඒම ප්‍රදේශයේ සිටින මුස්ලිම් තරුණයින් විශාල පිරිසක් ගුවන්තොටුපොළට කඩා වැදී ඇතැයි වාර්තාවේ.

එම පිරිසෙන් සමහරු ගුවන් යානය වටකර ඇති අතර පසුව අමතර ආරක්ෂක නිලධාරීන් කණ්ඩායම් ගෙන්වා ඔවුන්ව ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ගුවන්තොටුපොළ තුළ කලබල කළ 60 දෙනෙක් පමණ අත්අඩංගුවට ගැනීමටද පොලීසිය කටයුතු කර ඇත.

කෙසේ නමුත් මේ වනවිට එම ගුවන්තොටුපොළ වසා දමා ඇති බව වාර්තා වෙයි.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *