Press "Enter" to skip to content

ඉන්දියාවේ මහාබෝධි මහෝත්සවය 71වන වරටත් අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ

ඉන්දියාවේ මධ්‍යප්‍රදේශ් හි පිහිටි සාංචි චේතියගිරි විහාරස්ථානයේ වාර්ෂික “මහාබෝධි මහෝත්සවය” ඊයේ (25) අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වින. ඉන්දීය මධ්‍යප්‍රදේශ් රජය හා මහාබෝධි සංගමය එක්ව 71 වැනි වරටත් සංවිධානය කරන මධ්‍යප්‍රදේශ් ප්‍රධාන ආගමික උත්සවය මෙය වේ.

ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති, ජපානයේ ප්‍රධාන සංඝනායක හා සාංචි චේතියගිරි විහාරාධිපති අති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමිපාණන් වහන්සේගේ සහ
මධ්‍ය ප්‍රදේශයේ පොලිස් අධ්‍යක්ෂ ජෙනරාල් අනුරාධා ශංකර් සිංහ මහත්මිය ප්‍රධානත්වයෙන් අග්‍ර ශ්‍රාවක ධාතු වන්දනාව සහ ප්‍රදර්ශනය ආරම්භ කෙරින. එම අවස්ථාවට රයිසන් දිස්ත්‍රික්කයේ කලෙක්ටර් පරිපාලන නිලධාරී අරවින්ද් කුමාර් ඩුබේ මහතා ද එක් විය. ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ මහ ලේකම් ජනාධිපති නීතිඥ ඩිල්ෂාන් ජයසූරිය මහතා ද උප සභාපති චන්න කළුගම්පිටිය මහතා ද සහභාගි වූහ.

සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ගේ ධාතූන් වහන්සේලා ලෝකවාසී බෞද්ධ ජනතාවට වන්දනා කර ගැනීමට වසරකට වරක් පමණක් හිමි වන අවස්ථාවකි. මෙ⁣ය ඉන්දීය අග්‍රාමාත්‍ය දිවංගත ශ්‍රී ජවහල්ලාල් නේරු තුමාගේ ඉල්ලීම පරිදි 1952 වසරේ සිට සෑම වසරකම නොවැම්බර් මාසයේ අවසන් සෙනසුරාදා සහ ඉරිදා දිනවල මෙම සාංචි මහබෝධි මහෝත්සවය පැවැත්වේ.

ලෝකයේ රටවල් රැසක හා ඉන්දියාවේ ප්‍රාන්ත බොහොමයක කලාකරුවන්ගේ සහභාගිත්වයෙන් සංස්කෘතික ප්‍රසංගයක් ද මෙහිදී පැවැත්වුණි.

ඉන්දියාව, ජපානය, ශ්‍රී ලංකාව, වියට්නාමය, සිංගප්පූරුව, තායිලන්තය ඇතුළු රටවල් රැසක බෞද්ධ භික්ෂූන් භික්ෂුන් වහන්සේලා සහ ඉන්දියාවේ ප්‍රාන්ත රැසක බැතිමතුන් ද සහභාගීත්වය මෙවර උත්සවයේ දී දක්නට ලැබිණ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *