Press "Enter" to skip to content

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් අඛණ්ඩව දෙවන වරටත් ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායමට අනුග්‍රහය දක්වයි

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම 2024 වසර සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායමට දෙවැනි වරටත් අනුග්‍රහය දක්වයි. ක්‍රීඩාව සහ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය එකතු කරන මෙම සහයෝගීතාව කණ්ඩායම් ශක්තිය, දරා ගැනීමේ හැකියාව සහ තවත් බොහෝ දෑ ඉහළ නංවයි.

“රග්බි ක්‍රීඩාවට ආදරය කරන බොහෝ පිරිසක් අතර ඊට අනුග්‍රහය දක්වන්නට ලැබීම අපට ආඩම්බරයක්. අනාගතයේදී තවත් මෙවැනි සහයෝගීතා ගොඩ නඟා ගන්න අපි බලාපොරොත්තු වෙනවා.”

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික කිරිවන්දෙණිය මහතා සඳහන් කළේය. රග්බි ක්‍රීඩාවේ ඇති රළු සහ අතිශය තරගකාරී බව ඇතැම් අවස්ථාවල අනතුරුදායක විය හැකිය.

ඒ බව අවබෝධ කර ගත් සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම සිය නොසැළෙන ශක්තිය සමඟ ඔබ සහ ඔබගේ ආදරණීයයන් ආරක්ෂා කරමින් ජීවිතවල වටිනාකම තහවුරු කරයි.

ක්‍රීඩා පිටියේදී පමණක් නොව ඉන් පරිබාහිරවත් ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායමේ ක්‍රීඩා කෞශල්‍යය සහ සුබසාධනය සඳහා අවශ්‍ය සහාය සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් විසින් දක්වනු ලබයි.

‘යහපත් කාල පරිච්ඡේද ඉදිරියට’ යන තේමාව සමඟ සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගමේ අනුග්‍රහය ලබන ශ්‍රී ලංකා ගුවන් හමුදා රග්බි කණ්ඩායම ජයග්‍රහණය කරා යනු ඇත.

ක්‍රීඩාවට ඇති අපරිමිත කැමැත්ත සහ ක්‍රීඩාශීලී බව සමඟ ශ්‍රී ලාංකික ශක්තිය නියෝජනය කරන ගුවන් හමුදා රග්බි කණ්ඩායමට නොසැළෙන අනුග්‍රහය දක්වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම ඔවුන්ට සුබ පතයි.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *