Press "Enter" to skip to content

සමුපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමනට ජනාධිපතිතුමන් ඇතුළු බලධාරින්ගේ අවධානය

ශ්‍රී ලාංකීය සමුපකාර ව්‍යාපාරයේ ඉදිරි ගමන් මග පිළිබඳව සාකච්ඡා කිරීමේ රැස්වීම පසුගිය 07 වැනිදා ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, ශ්‍රී ලංකා ජාතික සමුපකාරය විසින් ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ දී පැවත් විය.

සණස සමූහය නියෝජනය කරමින් මේ සදහා සණස සමූහයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ කිරිවන්දෙනිය මැතිතුමන් ඇතුළු සණස නිළදාරීන් සහභාගී වූ අතර දේශපාලඥයන් නියෝජනය කරමින් වෙළද වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යතුමන් වන ගරු නලින් ප්‍රනාන්දු මහතා,සාගර රත්නායක මහතා සහ ජනමාධ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර මැතිතුමන් ඇතුළු මැති,ඇමතිවරුන් පිරිසක්ද සහභාගී විය.තවද ශ්‍රී ලංකා සමුපකාර මණ්ඩලය නියෝජනය කරමින් ඒ.ඩී සරත් වීරසිරි මහතා ඇතුළු සමුපකාර ක්ෂේත්‍රයේ බෙහෝ පිරිසක් මෙන්ම වෙනත් ක්ෂේත්‍රයන් වල පිරිස් ද සහභාගී විය.

මෙහිදී අදහස් දැක්වූ පී.ඒ කිරිවන්දෙනිය මැතිතුමන් ප්‍රකාශ කළේ “සමුපකාරයේ අනන්‍යතාවය පිළිබදව මෙරට තුළ ප්‍රශ්නයක් ඇති බවත්, ඒ සදහා විසදුමක් අවැසි බවත් ය.කිසිදු පාර්ෂවයක බලපෑමකට නතු නොවන සමුපකාරයක් ගොඩනැගීම වෙනුවෙන් ජනපති තුමන් ඇතුළු බලදාරීන්ගේ අවදානය යොමු විය යුතු බවද” එතුමන් වැඩි දුරටත් ප්‍රකාශ කළාය.

මෙහිදී පිරිස ඇමතූ ජනපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් “මෙතෙක් කලක් ජනයා ශක්තිමත් කරමින් කිරිවන්දෙනිය මැතිතුමන් කළ සේවය අගය කරන බවත්,සමුපකාරයේ ඇති ගැටළු පිළිබදව එතුමන් සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන බවත්” ප්‍රකාශ කරන ලදී.

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *