සණස සමූහයේ නිර්මාතෘ ආචාර්ය පී.ඒ කිරිවන්දෙනිය මැතිතුමන්ගේ උදාර සංකල්පයකට අනුව ආරම්භවූ තුන් සූත්රය සජ්ඣායනය කරමින් පිරිතේ අනිසංස පැහැදිලි කිරීමේ වැඩසටහන කෑගල්ල වරකාපොළ සමිති 25ක සමාජිකයින් සහ ප්රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් 2024 අගෝස්තු මස 31 දින දැදිගම කොට වෙහෙර මළුවේදී සාර්ථකව පැවැත් විය.සණස ජය ටීවි නාලිකාව සමගින් අත්වැල් බැදගනිමින් ආර්භ කල මෙම වැඩසටහන රටටම ආදර්ශයක් සපයන වැඩසටහනක් බවට පත් විය.වැරකාපොල ප්රදේශවසීන් 24 දින සිට 30 දින දක්වා තම නිවෙස් වල සිට පවුලේ පිරිස සමග නිවසේදී පිරිත් ශ්රවනය කල අතර 31 වන දින සියල්ලෝ කොට වෙහෙර මළුවට රැස්ව පිංකම අර්ථවත් කර ගත්තේ ය.
ශ්රී ලංකික රාජාවලිය තුළ පරාක්රමබාහු රජතුමන් දියත් කල වැඩපිළිවෙල අනුස්මරණයක් ලෙස කොටවෙහෙර එතුමන්ගේ උපන් ගම මෙම වැඩසටහනේ ආරම්භය සදහා යොදාගත් අතර එතුළින් එතුමන් ආර්භ කල නිෂ්පාදන ආර්ථිකයක් සම්පාදනය කිරිම තුළින් ජනයාගේ ජීවිත සුඛිත,මුදිත කිරීමේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්නනට සණස ආයතනය උර දෙන බව සංකේතවත් කරයි.
සණස නායකතුමන්ගේ “අඩක් ගනුදෙනු ,අඩක් ගුණධර්ම “ යන සංකල්පයට අනුව ජනයාගේ ජීවිත කරණීය මෙත්ත සූත්රය තුල ඇති ගුණාංගයන් තුලින් පෝෂණය කර යහපත් ධෛර්ය සම්පන්න පුරවසියන් ඇති දේශයක් බිහි කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන පැවැත්වුනු අතර 31වන දින කරණිය මෙත්ත සූත්රය තුන් පැය ධර්ම දේශනය සදහා පූජනීය උඩුදුම්බර කාෂ්යප හිමියන් වැඩම කර දහම් දෙසූහ. 24 දින ආරම්භවූ මෙම වැඩසටහන 31 දැදිගම කොටවෙහෙර වෙහෙර මළුවට පැමිණි සැදැහැවත් පිංවතුන් සමග සාර්ථකව නිමා කිරීමට සණස සමූහය ජය ටීවී නාළිකාව ඇතුළු ප්රදේශවාසීන් සැමට හැකියාව ලැබිණි.
මල්,පහන් ඇතුලත්න ආමිස පූජාවන් පවත්වා සිදු කල මෙම වැඩසටහන ප්රදේශයට මෙන්ම ප්රදේශවාසී සැමට ආලෝකය ගෙනදුන් වැඩසටහනක් වූ අතර අර්ථ විරහිතව සුත්රයන්ට සවන්දීම වෙනුවට පිරිතෙහි ඇති අර්ථය වටහා ගනිමින් එමගින් තම ජීවිත සාර්ථක කරගන්නා ආකාරය උඩුදුම්බර කස්සප හිමියන් විසින් සරලව පැමිණ සිටි සැදැහැවත් උපාසක,උපාසිකාවන් වෙත පැහැදිලි කර දෙනු ලැබූහ.මෙමෙ වැඩසටහන ඉදිරියටත් ලංකාව පුරා ක්රියාත්මක කිරීමට සණස නායකතුමන් බලාපොරොත්තු වෙන අතර නිවස පිළිවෙල කර දිනපතා පවුලේ සියළුදෙනා එකට එක්ව පිරිත් සජ්ඣායනා කර ජීවිතය අර්ථපූර්ණ කරගන්නට ඔබ සැමට ආරාධනා කර සිටිමු.
Be First to Comment