Press "Enter" to skip to content

ත්‍රිපෝෂ සමාගම භාණ්ඩාගාරයට මිලියන 165ක් පිරිනමයි

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම මඟින් 2023 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ලැබු ලාභාංශයෙන් රුපියල් මිලියන 165ක (රුපියල් කෝටි 16 1/2 ක) මුදලක් මහා භාණ්ඩාගාරය වෙත පිරිනැමූ බව ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති උත්සවයේදී සඳහන් කළේය. එම සමාගමේ පාලනාධිකාරිය මෙන්ම සෙසු සේවක සැමගේ දැඩි කැපවීමත් උනන්දුවත් නිසාම මෙවැනි ලාභාංශයක් රජයේ භාණ්ඩාගාරය වෙත ලබා දීමට හැකිවූ බව එතුමා සඳහන් කරන ලදි.

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ 50 වැනි සංවත්සරය නිමිත්තෙන් පැවති මෙම උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා සහභාගි වූ අතර තැපැල් දෙපාර්තමේන්තුව හා සමඟ මුද්දරයක් එළිදැක්වීම හා සිත්තම් චිත්‍ර හා නිර්මාණ තරග ජයග්‍රාහක සිසු සිසුවියන්ට ත්‍යාග පිරිනැමීම ද සිදුවිය. එමෙන්ම එදින ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම විසින් නවතම නිෂ්පාදනයක් වන පෝ සුපෝෂ කැලරි බාර් නවතම නිෂ්පාදනය වෙළඳපොළට හඳුන්වා දෙන ලදි.

රුපියල් මිලියන 165ක මුදල එම සමාගමේ සභාපති දීප්ති කුලරත්න මහතා විසින් මහා භාණ්ඩාගාරයෙ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් එන්.ඒ. එච්.කේ. විජේරත්න මහත්මිය හා භාණ්ඩාගාරයේ මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යාක්ෂ ජනරාල් අමිතා රත්නායක යන මහත්මීන්ට ප්‍රදානය කළ අයුරු. ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ මානව සම්පත් හා නිතී ජ්‍යෙෂ්ඨ

කළමනාකාරිනී තනුජා ප්‍රියදර්ශනි අල්විස් මහත්මිය හා මූල්‍ය කළමනාකරු ඩී. බී. තරිදු චාමික මහතා ද මෙහි වෙති.

ජායාරූප – විමල් කරුණාතිලක

More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *