Press "Enter" to skip to content

තීක්ෂණ පරාජයට හේතු කියයි

දෙවැනි තරගය පරාජය වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්‍ෂණ මෙසේද පැවසීය.

“මම හිතන්නේ අපි අපේ ගේම් එක සෙල්ලම් කළේ නෑ තරග දෙකේදීම. ගොඩක් දුර්වල අවස්ථා තිබුණා. අපි බලාපොරොත්තු වෙනව අවසාන තරගය හොඳට කරන්න.”

“නවසීලන්තය ගොඩක් හොඳින් පන්දු යැව්ව. ඒක ඒගොල්ලන්ගෙ රට, ඒ අය දන්නව එහෙ කොහොමද පන්දු යවන්න ඕන කියල. වේලාසනම කඩුලු 4ක් දැවී ගියා. පිතිකරුවොත් මොකක්ද කරන්න ඕන කියල ටිකක් හිතන්න ඕන. එක දිගටම මේ වගේ පරාජය වෙන්න බෑ. ඒ නිසා ඊළඟ තරගය ලොකු සැලසුමක් එක්ක ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා.”

කණ්ඩායමේ වෙනසක් වෙනවද කියල මම දන්නෙ නෑ. කවුරු ගැහුවත් අපි මීට වඩා හොඳට ක්‍රීඩා කරන්න ඕන.

ඇත්තටම මම සතුටු වෙනව මේ වගේ තණතීරුවක කඩුලු ත්‍රිත්වයක් ලබාගැනීමට හැකිවීම ගැන. අපි තරගය ජය ගත්තනම් මීට වඩා සතුටු වෙන්න තිබුණ.”

 

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *