Press "Enter" to skip to content

ආදරණීය හිතක් තියෙන ඔබ වෙනුවෙන්, 14 වෙනිදා ආදරණීය ප්‍රසංගයක්

Innovative Media Relations බෙදන ආදරණීය හැඟීමෙන් බොහෝ සුරතලුන් සුරැකෙණු ඇත.

වීදි පුරා අසරණව, රෝගීව, කුසගින්නේ රැය දහවල ආයාසයෙන් ගෙවා දමන සතුන්ට අප රැකවරණයක් වී ආදරයෙන් බලා ගන්නෙමු. තවද ඔවුන්ට අවශ්‍ය ඖෂධ, ආහාර, නිවාස වගේම ඔවුන්ගේ ජීවන රටා පසු විපරමකින් යුතුව අප අතින් සිදුවන කාර්යයන් වේ.

මේ සත්කාරයට ශක්තියක් වන්නට ප්‍රේමණීය පෙබරවාරි 14 වෙනිදා කොළඹ BISHOP AUDITORIUM රඟහලේ දී හැඟුම් ගීතාවලියකින් සැරසවිමේ  සූදානමක් ඇත.

සුරතලුන්ට ආදරය කරන රසවතුන්ට ධම්මික බණ්ඩාර සහෘද ප්‍රේක්ෂකයා ආමන්ත්‍රණය කරන ශෂිකා නිසංසලා, සමිතා මුදුන්කොටුව, සුනීර සුමංග විසින් ගීතවත්වන “BEYOND LOVE LIVE IN CONCERT” සමඟ එක්වන ලෙස ආරාධනා කරන්නෙමු.

HUGGERR CREATIONS ආදරණීය පිළිගැන්වීමක් ලෙස දිගහැරෙන හැඟුම් ගී වියමනක සජීවී ප්‍රේක්ෂකාගාරයේ ඔබේ අසුන, තහවුරු කරගන්න My tickets වෙතින් දැන් අවස්ථාව තිබේ.

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *