Press "Enter" to skip to content

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් නගර 29ක පොසොන් දන්සැල් පවත්වයි

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම පොසොන් පොහොය නිමිත්තෙන් රට පුරා ස්ථාන 29ක අයිස්ක්‍රීම් දන්සැල් සංවිධානය කර තිබිණි. අනුරාධපුර, තඹුත්තේගම, පොල්ගහවෙල, කෑගල්ල, මහනුවර, දඹුල්ල, කුරුණෑගල, කුලියාපිටිය, වෙන්නප්පුව, නිකවැරටිය, පොල්පිතිගම, පොළොන්නරුව, පිළිමතලාව, වාරියපොළ, කඩුවෙල, ගම්පහ, හෝමාගම, හොරණ, පානදුර, කළුතර, මාතර, ඇඹිලිපිටිය, වලස්මුල්ල, අම්බලන්තොට, සූරියවැව, බදුල්ල, රුවන්වැල්ල සහ කැකිරාව යන ප්‍රදේශවල සහ කොළඹ පිහිටි එම සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වුණු දන්සැල්වලට විශාල පිරිසක් සහභාගී වූහ. එම ශාඛාවල කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ සහ ප්‍රදේශවාසී ජනතාවගේ ශ්‍රම දායකත්වයෙන් එම දන්සැල් පැවැත්විණි.

මෙරට රක්ෂණ ක්ෂේත්‍රයේ වසර 30ක ඉතිහාසයක් සහිත සණස රක්ෂණ සමාගම් සමූහයේ සාමාජිකයෙකු ලෙස 2019 වසරේදී ආරම්භ වූ සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ආරම්භයේ සිට මේ දක්වා වේගවත් වර්ධනයක් ලබා තිබේ. පුළුල් පරාසයක විහිදුණු ප්‍රයෝගික සහ නව්‍ය රක්ෂණ විසඳුම් රැසක් හඳුන්වා දී ඇති එම සමාගම සෑම විටම පාරිභෝගික සහ කාලීන අවශ්‍යතා ප්‍රමුඛ කර සළකයි.

සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම ව්‍යාපාර කටයුතුවලින් ඔබ්බට යමින් නිරන්තරයෙන් ආයතනික සමාජ වගකීම් මැනවින් ඉටු කරමින් සමාජ සුභ සාධන ව්‍යාපෘතිවල නිරත වේ. පොසොන් පොහොය නිමිත්තෙන් සංවිධානය කළ මෙම දන්සැල් මාලාව එහි තවත් පියවරකි. මෙවැනි ව්‍යාපෘති තුළින් ප්‍රජා යහපත තහවුරු කිරීම සහ ව්‍යාපාර අරමුණුවලින් ඔබ්බට යමින් ජනතාව සමඟ සම්බන්ධ වීම සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගමේ අරමුණයි.

More from වින්දනීය පුවත්More posts in වින්දනීය පුවත් »
More from ව්‍යාපාරික පුවත්More posts in ව්‍යාපාරික පුවත් »

Be First to Comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *